Monday, October 6, 2008

හම්බන්තොට නවෝදය ප්‍රදර්ශනයේ නැණසල කුටියේ වගතුග

ලංකාවේ පළමු නැණසල ඓතිහාසික කිරිවෙහෙර භූමියෙන් ආරම්භ කර වසර තුනක් ඉක්මවා මාස 08ක් පමණ ගත වී එළැඹි අදවන් දවසක ලංකාව පුරා විසිරි ඇති නැණසල මධ්‍යස්ථාන 570 අතරේ ලංකාව, ඉ ශ්‍රි ලංකාවක් කිරිමේ යෝධ වෑයමට නැණසල පද්ධතිය ලබාදෙන ශක්තිය අපමණයි. නාගරික ග්‍රාමිය භේදයකින් තොරව සිංහල, මුස්ලිම්, දමිළ භේදයකින් තොරව, උතුරු දකුණු භේදයකින් තොරව තොරතුරු සන්නිවේදන තාක්ෂණය ඔස්සේ පුද්ගල හා සාමාජිය ජන ජිවිතය ඉහල හැකියාවන් රැසක් ඇති කිරිමේ ගමන් මගේ විවිධ සන්ධින්ස්ථාන රාශියක් ලංකාව පුරා විහිදි ඇති නැණසල ක්‍රියාකරැවන් සනිටුහන් කර ඇත.

නැණසල ක්‍රියාකරැවන්ගේ මේ ගමන් මග ශක්තිමත් කිරිමට ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සොයාබැගිමත්, ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නිරන්තර මග පෙන්වීමත් නැණසල ක්‍රියාකරුවන් වෙත යෝධ ශක්තියක් වී ඇත. නැණසල ක්‍රියාකරුවන්ගේ හැකියාවන් වර්ධනය කරනු ලබන පුහුනු වැඩමුලු, නැණසල ක්‍රියාකරුවන් සහ ආසියාතික ටෙලිසෙන්ටර් ක්‍රියාකරුවන්ගේ අත්දැකිම් හුවමාරු කර ගැනිමේ විවිධ වැඩසටහන් සඳහා ග්‍රාමිය නැණසල ක්‍රියාකරුවන් ඉදිරිපත් කරමින්, ඔවුන් ඔස්සේ ඉ ගම්මමාන සංකල්පයක් දක්වා ශක්තිමත් වු ගම්මාන රාහියක් බිහි කිරිමට අද වන විට හැකියාව ලැබි ඇත. තොරතුරු තාක්ෂණික හැකියාවන් සහ ප්‍රජාව තොරතුරු තාක්ෂණික සාක්ෂරතාවය තුළ ඉහලට ඔසවා තැබිමට නැණසල පද්ධතිය තුළ සිදු කෙරෙන කාර්ය භාරය අපමණය.

එවන් පසු බිමක සිට හම්බන්තොට නවොද්ය ප්‍රදර්ශණය තුළ නැණසල ප්‍රදර්ශණ කවුලුව අංශ කිහිපයක් ඔස්සේ වර්ණවත් විය. දිස්ත්‍රික්කයේ නැණසල ක්‍රියාකරැවන්ගේ මහත් ඕනෑකමින්, ප්‍රදර්ශනය නරඹන විශාල පිරිසකට තම ගමේ නැණසලට ගොඩ වන්නට සිදු කල ආරාධනාව දැවන්ත සංවර්ධනයකට මුලපුරා ඇති හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධනයට අවශ්‍ය යටිතල පහසුකමක් ලෙසින්ද ? මානව සම්පත තම එදිනෙදා කුටයුතු පහසු කර ගන්නට තරම් දියුණු කිරිම සඳහාද? රජය ගෙන යන සංවර්ධනයට පෙළින් පෙළ තබා මිනිස් පවුරක් තනන්ට ගන්නා උත්සාහයකට සිදු කල ආරාධනයකි.

ගමේ නැණසල මධ්‍යස්ථානයේදි ලබා ගත හැකි නොයෙකුත් සේවා මෙන්ම ලබා ගත හැකි විවිධ අවස්ථාවන් පිලිබඳ ප්‍රදර්ශනය මගින් දැනුවත් කෙරිණි. පාසල් සිසුන් හා තොරතුරු තාක්ෂණය පිලිබඳ උනන්දුවක් දක්වන තරැණ පිරිස් මෙම ප්‍රදර්ශනය කුටිය, වැඩි වේලාවක් ගත කල ස්ථානය බවට පත්විය.

මෙම නැණසල ප්‍රදර්ශණය කුටිය වෙන් කරවා ගැනිම සඳහා පුර්ණ දායකත්වය සපයන ලද්දේ hSenid Software International ආයතනයයි. එම ආයතනයේ හර්ෂ ද අල්විස් මහතාගේ පුර්ණ අධික්ෂණය යටතේ මෙම කුටිය නිර්මාණය කෙරිණි. එමෙන්ම මෙම අවස්ථාවේදි hSenid Software International ආයතනය මගින් හඳුන්වා දි ඇති www.jobstreet.lk වෙබ් අඩවිය දිස්ත්‍රික්කයේ උසස් අධ්‍යාපනය බලාපොරොත්තුවෙන් සිටින සහ රැකියා විරහිත සහ රැකියාවක් සිදු කල ද රැකියාවෙන් තෘප්තිමත් නොවන පිරිස් සඳහා හඳුන්වා දෙන ලදි. /කියා බලාපොරොත්තුවෙන් රැකියා අපේක්ෂිතයන් ලියාපදිංචි කරන බොහෝ /කියා ඒකක පැවතිය ද, මෙම
www.jobstreet.lk වෙබ් අඩවිය ඔස්සේ තරුණ තරුණියන්ට ලබා ගත හැකි අවස්ථා ප්‍රමාණය විශාලය. එමෙන්ම /ැකියා අවස්ථා බලාපොරොත්තුවන්නන් ඒ අවස්ථාවේම Online ලියාපදිංචි කරවිමට ද අවශ්‍ය පහසුකම් සපයා තිබිණි. www.jobstreet.lk හි ලියාපදිංචි වන්නෙක් තමන්ට අයදුම් කල හැකි රැකියා අවස්ථාවන් පිලිබඳ වෙබ් අඩවියට යාමෙන් හෝ එසේ වෙබ් අඩවියට නොගොස් තම ඉ මේල් ගිණුම පරික්ෂා කිරිමෙන්, තමාගේ සුදුසුකම් සඳහා සරිලන රැකියා අවස්ථාවන් පිලිබඳ දැනුවත් විමට මෙම වෙබි අඩවිය ඔස්සේ පහසුකම් සලසා ඇත. මෙය අනෙක් රැකියා ඒකක හා සාපේක්ෂව බලන විට www.jobstreet.lk එකෙහි පවතින සුවිශේෂත්වයකි. මේ වන විටත් විශාල පිරිසක් ලියාපදිංචිව ඇති අතර ප්‍රදර්ශන භුමියේදි ලියාපදිංචි වීමට නොහැකි වුවන් සඳහා ලඟම පිහිටි නැණසල ඔස්සේ එය සිදු කර ගැනිමේ අවස්ථාව උදාකැ දී ඇත. ලියාපදිංචියම පමණක්ම සිදු කර තරුණ තරුණියන්ට සිටිමට නොහැකි අතර ඔවුන් විසින් සතිපතා තම ඉමේල් ගිණුම පරික්ෂා කිරිමත්, අනත්ර් ජාලය ඔස්සේ රැකියා අවස්ථාවන් අයදුම් කිරිමට තරම් ග්‍රාමිය තරුණ තරුණියන් පෙළ ගස්වන, පුහුණු කරවන, සංවර්ධනය කරවන මෙම www.jobstreet.lk වෙබ් අඩවිය තරුණ තරුණියන්ගේ අනාගත සිහින නැවුම් මාවතකට ගෙනයන්නට සමත් වෙතැයි ප්‍රදර්ශණය නැරඹු කාගේත් හැඟිමයි.

නැණසල මධ්‍යස්ථාන තම ගම්මානවල දු දරැවන්, තරුණ තරුණියන් ඒකරාශි කර ගනිමින් දියුණු කරනු ලබන පරිගණක සාක්ෂරතාවයේ ඵල ප්‍රයෝජන තවමත් බොහෝ අයට නොපෙනුනද මෙම ප්‍රදර්ශණය ඔස්සේ නැණසල මධ්‍යස්ථානවල අවශ්‍යතාවය හඳුනාගත් බොහෝ පිරිස්, පැමිණි සිටි දිස්ත්‍රික්කයේ නැණසල ක්‍රියාකරුවන් සමග අදහස් හුවමාරු කර ගනු ලැබිය.

මෙවන් ප්‍රදර්ශනයකට මං පෙත් විවර කල හම්බන්තොට වාණිජ මණ්ඩලය හා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයටත්, ප්‍රදර්ශනයට සහයෝගය සලසා දුන් hSenid Software International ආයතනයේ සියලුම නිළධාරි මණ්ඩලයටත්, දිස්ත්‍රික්කයේ නැණසල ක්‍රියාකරැවන්ගේ හදපිරි ප්‍රණාමය නිතැතින්ම හිමිවිය යුතුය.